එම දෙපාර්තමේන්තුව අද (29) පස්වරු 2.00ට නිකුත් කළ නිවේදනයට අනුව, සුළං නිරිත දිශාවෙන් හමා එන අතර එහි වේගය පැයට කිලෝමීටර් 25–35ක් පමණ වනු ඇත.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාත්, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වන මුහුදු ප්රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 45ක් දක්වා ඉහළ යා හැකි බව සඳහන් වේ.ඒ හේතුවෙන් එම මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.තවද, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60–70ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, එම කාලසීමාව තුළ මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවටද අනතුරු අඟවා තිබේ.

