Homeසියලුම පුවත්ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

ඌව පළාතට සහ අම්පාර, මඩකලපුව හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.අද (29) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී සහ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.එමෙන්ම, ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින්, අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්ව ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments