පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව පවතින මුදල් විශුද්ධීකරණ නඩුව සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (29) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබේ.පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකර ඇත.යහපාලන රජය සමයේ ආරම්භ කළ විමර්ශන 2016 වසරේදී අවසන් කර අදාළ ලේඛන නීතිපතිවරයා වෙත යොමු කළ බවද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්ය සමරනායක සහ සුදර්ශන බණ්ඩාර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියහ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා නඩුව පෙබරවාරි 11 වනදා යළි කැඳවීමට නියෝග කළ අතර, එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් ගෙන ඇති පියවරවල ප්රගතිය දැනුම් දෙන ලෙසද නියම කර ඇත.

