Homeසියලුම පුවත්2025 සිට වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි

2025 සිට වනාන්තර 81ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කරයි

2025 වසරේ ආරම්භ කළ වනස්පති වැඩසටහන යටතේ මේ වන විට වනාන්තර 81ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසයි.
අද (01) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජුනි 5 වන දිනට සමගාමීව තවත් රක්ෂිත 5ක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
ඒ අනුව රිටිගල, අලියාවැටුණුවැව, බුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචි යන වනාන්තර රක්ෂිත ලෙස නම් කෙරෙන අතර, සමස්ත රක්ෂිත සංඛ්‍යාව 86 දක්වා ඉහළ යනු ඇත.
2025 වසර තුළ පමණක් වනාන්තර 29ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒවායේ භූමි ප්‍රමාණය හෙක්ටයාර 50,000කට ආසන්න බවද සඳහන් වේ. එසේම 2026 ජගත් වනාන්තර දිනයේදී තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments