Tuesday, April 21, 2026
Homeසියලුම පුවත්2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන නිකුත් කරයි

2026 රාජ්‍ය වෙසක් උත්සවයේ නිල වැඩසටහන නිකුත් කරයි

2026 රාජ්‍ය වෙසක් උත්සවයට අදාළ නිල වැඩසටහන රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිපත් කරමින් පැවැත්වෙන වෙසක් මහෝත්සවය මුල් කරගෙන, මැයි 27 සිට ජුනි 02 දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවද සඳහන් වේ.
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘති කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනවල සහාය ඇතිව මෙම උත්සවය දිවයින පුරා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සැලසුම් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments