Homeසියලුම පුවත්2026 අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ – PUCSL

2026 අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ – PUCSL

2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර තිබේ.

ඒ අනුව, 2026 වසරේ තෙවන කාර්තුවේදී ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු ක්‍රමයම අවසන් කාර්තුවේදීත් එලෙසම පවත්වාගෙන යනු ඇත.

ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) ඉදිරිපත් කළ පිරිවැය දත්ත අනුව අවසන් කාර්තුවේ විදුලිය සැපයීමේ පිරිවැය සියයට 2.88කින් ඉහළ යනු ඇතැයි කොමිෂන් සභාව නිරීක්ෂණය කර තිබුණි.

කෙසේ වෙතත්, නොවැම්බර් 9 වැනිදා යාවත්කාලීන කළ පිරිවැය දත්ත සහ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සලකා බැලීමෙන් පසුව විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට තීරණය කර ඇත.

එමෙන්ම, 2026 අවසන් කාර්තුවට අදාළ පිරිවැය දත්ත NSO විසින් අගෝස්තු 17 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතුව තිබුණද, එම දත්ත කොමිෂන් සභාවට ලැබී තිබුණේ ඔක්තෝබර් 6 වැනිදා බවද PUCSL නිවේදනයේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments