Homeසියලුම පුවත්2027 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (13) සිට ඇරඹෙයි

2027 අයවැය දෙවනවර කියවීමේ විවාදය අද (13) සිට ඇරඹෙයි

අද (13) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ඊයේ (12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.ඒ අනුව අයවැයේ දෙවනවර කියවීමේ විවාදය අද (13) සිට නොවැම්බර් 20 වැනිදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතය.දෙවනවර කියවීමට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 20 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ.අනතුරුව අයවැයේ තෙවනවර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.එම විවාදය අවසානයේ 2027 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පෙරවරු 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments