Homeසියලුම පුවත්අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත්...

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.ඊයේ (12) පාර්ලිමේන්තුවට 2027 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙම බදු සංශෝධන අද (13) සිට ක්‍රියාත්මක වන බවයි.ඒ අනුව ආනයනික හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 100ක බද්ද රුපියල් 10 දක්වා අඩු කර තිබේ.එමෙන්ම උම්බලකඩ කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ රුපියල් 202ක බද්දද රුපියල් 10 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.මීට අමතරව කුඩු කළ සහ කුඩු නොකළ වියළි මිරිස් සඳහා කිලෝග්‍රෑමයකට අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා අඩු කර තිබේ.මෙම බදු සංශෝධන අද (13) සිට බලාත්මක වන අතර, ඊට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments