අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්‍යග්‍රහ භූමියේ අද නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.මාරාන්තික උපවාසයේ නිරතව සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු එම ස්ථානයේ රැඳී සිටි පිරිස සහ ශාසනයෙන් නෙරපූ බව සඳහන් වන රාජාංගනයේ සද්ධාරතන නමැත්තා ඇතුළු ගිහි පිරිසක් අතර බහින්බස් වීමක් ඇති වී තිබේ.එම අවස්ථාවේදී ඇති වූ ගැටුමකදී කස්සප හිමියන් ඇතුළු උපවාස භූමියේ රැඳී සිටි පිරිස විසින් එල්ල කළ බව කියන පොලු ප්‍රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන නමැත්තාගේ හිසට තුවාල සිදුවී ලේ ගැලීමක් සිදුව ඇති බව වාර්තා වේ.

