දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.අදාළ යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා මේ වන විට ගොඩබිම වෙත රැගෙන එමින් පවතින බව නාවික හමුදාව සඳහන් කරයි. මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.මේ අතර, පසුගිය නොවැම්බර් 5 වැනිදා ද දිවයිනට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 132කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 57කට වැඩි ප්‍රමාණයක් සමඟ බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබුණි.’රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,773කට අධික ප්‍රමාණයක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 2,130කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්ද්‍රව්‍යවල දළ වීථි වටිනාකම රුපියල් බිලියන 114කට අධික බව සඳහන් වේ.එසේම 2026 වසරේ මේ දක්වා නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වලදී රුපියල් බිලියන 73කට අධික දළ වීථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇති බවද වාර්තා වේ.මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.

