Homeසියලුම පුවත්2027 පාසල් වාර සහ විභාග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2027 පාසල් වාර සහ විභාග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2027 වර්ෂයට අදාළ පාසල් වාර සටහන, රජයේ නිවාඩු දින දර්ශනය සහ ප්‍රධාන විභාග පැවැත්වෙන කාලවකවානු ඇතුළත් චක්‍රලේඛය (අංක 31/2026) අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛයට අනුව 2027 වර්ෂය තුළ රජයේ නිවාඩු දින හා විභාග කාලසටහන් සලකා බලමින් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් මෙන්ම පිරිවෙන් දින 197ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු වාරය 2027 ජනවාරි 4වන සඳුදා සිට අප්‍රේල් 9වන සිකුරාදා දක්වා පැවැත්වේ. ඉන් අනතුරුව දෙවන වාරය 2027 අප්‍රේල් 26 සඳුදා සිට ජූලි 30 තෙක් පැවැත්වීමට නියමිතය.

අගෝස්තු 30වැනිදා තෙවන වාරය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර, එය දෙසැම්බර් 3වැනිදා තෙක් පැවැත්වේ.

මේ අතර මුස්ලිම් පාසල් සඳහා පළමු සහ දෙවන වාර කිහිපයකට බෙදා පවත්වනු ලැබේ.

අදාළ චක්‍රලේඛයට අනුව අ.පො.ස. උසස්පෙළ විභාගය 2027 වසරේ අගෝස්තු මාසයේත්, සාමාන්‍ය පෙළ විභාගය එම වසරේම දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.

සුවිශේෂී හේතුවක් මත යම් පාසල් දිනයක් වැසීමට සිදුවුවහොත් ඒ වෙනුවෙන් හිලව් සැසි පැවැත්විය යුතු බවද අදාළ චක්‍රලේඛයේ දැක්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments