Homeසියලුම පුවත්22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන විවාදය අද පාර්ලිමේන්තුවේදී

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන විවාදය අද පාර්ලිමේන්තුවේදී

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (24) පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ නිල කාලසටහන අනුව අද පෙරවරු 11.30 සිට පස්වරු 7.00 දක්වා මෙම පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිත අතර, හෙට (25) දිනයේද විවාදය ඉදිරියට පැවැත්වේ. 0

පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගිය 22 වැනිදා කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ විශේෂ තුනෙන් දෙකක බහුතරයකින් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බැවින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. 1

පනත් කෙටුම්පත් දෙක රාජ්‍ය පරිපාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින්ද අනුමත කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් කාරක සභාව රැස්ව ඇති අතර, එහිදී අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින්ද කාරක සභාවට කරුණු පැහැදිලි කර තිබේ.

හෙට පස්වරුවේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු කාලසටහනේ දැක්වේ. 2
“`3

RELATED ARTICLES

Most Popular

Recent Comments