Homeසියලුම පුවත්22 ගැන ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම්ද? - ඇමති නලින්දගෙන් පිළිතුරක්

22 ගැන ජනමත විචාරණයකට ආණ්ඩුව සූදානම්ද? – ඇමති නලින්දගෙන් පිළිතුරක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලු පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් පමණක් ප්‍රමාණවත්ද, නැතහොත් ඊට අමතරව ජනමත විචාරණයක් අවශ්‍යද යන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට පරිබාහිරව ජනමත විචාරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

අද සිට සති තුනක කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට අදාළ පෙත්සම් සලකා බලා තීන්දුව ලබාදීම සඳහා කාලය පවතින බවත්, එම තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම, ජනමත විචාරණයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ඉල්ලා සිටීම සහ ජාතික ජන බලවේගය විසින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රැස්වීම් අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments