Friday, December 19, 2025
Homeදේශීයහිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ සහ හිටපු පා. මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර...

හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ සහ හිටපු පා. මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි අභාවප්‍රාප්ත වෙති

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව, පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරා සිටි එස්. සී. මුතුකුමාරණ මහතා දේශපාලන ක්ෂේත්‍රයේ දිගු සේවයක් ඉටු කළ පුද්ගලයෙකු විය.

එසේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැකිරාව හිටපු ආසන සංවිධායකවරයා මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ජනක් මහේන්ද්‍ර අධිකාරි මහතා ද දිගුකාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments