ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන කිහිපයක් විත්තියේ නීතිඥයන් වෙත භාර දී ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මණ්ඩලය, නඩුව පෙබරවාරි 16 වනදා යළි කැඳවීමට නියම කළේය.
මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ නාමයෙන් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.
ඉකුත් යහපාලන රජය සමයේ දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වූ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කළ පැමිණිල්ලක් අනුව, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන සිදුකර ලිපිගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව, ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇත.
නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව පෙබරවාරි 16ට යළි කැඳවයි

