දෙසැම්බර් මාසයේ ගත වූ මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
දෙසැම්බර් මස 01 වන දින සිට 14 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 93,031 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.
මෙම සංඛ්‍යාවේ වැඩිම පිරිස ඉන්දීය ජාතිකයන් වන අතර, ඔවුන්ගේ සංඛ්‍යාව 21,156ක් වේ.
ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, චීනය ඇතුළු රටවලින්ද විශාල සංඛ්‍යාවක සංචාරකයින් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අනුව, මේ වසරේ ජනවාරි 01 සිට දෙසැම්බර් 14 දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,196,624ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
දෙසැම්බරයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 90,000කට අධිකයි

