Wednesday, March 4, 2026
Homeදේශපාලනදිට්වා සුළි කුණාටුවට පෙර සූදානම නොතිබීම සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි

දිට්වා සුළි කුණාටුවට පෙර සූදානම නොතිබීම සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි

දිට්වා සුළි කුණාටුවට පෙර ප්‍රමාණවත් සූදානමක් නොතිබීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරු 25 දෙනෙකු කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

මෙම සුළි කුණාටුවෙන් සිදුවූ ජීවිත හා දේපළ හානි මෙතෙක් නිසි ලෙස තක්සේරු කර නොමැති බව සඳහන් කරමින්, ව්‍යසනය වළක්වා ගැනීමට ගත් පියවර පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස එම ලිපියෙන් ඉල්ලීම කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments