Sunday, December 21, 2025
Homeදේශීයප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

ප්‍රධාන ජලාශ 36ක් තවදුරටත් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පාලනය කරන ප්‍රධාන වැව් 73න් ජලාශ 36ක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම මධ්‍යම ප්‍රමාණයේ වැව් 52කට ආසන්න සංඛ්‍යාවක්ද වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙම වාන් දැමීම හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හෝ ජලය හදිසියේ නිදහස් කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත්, එම නිසා මහජනතාව අනවශ්‍ය ලෙස බිය විය යුතු නොවන බවත් ඔහු පැවසීය.

ඉදිරි මෝසම් වැසි තත්ත්වයන් අනුව ගංගාවල ජල මට්ටම් වෙනස් විය හැකි බැවින් එම තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවල බවත්, එම ප්‍රදේශවල මිලිමීටර් 50ත් 100ත් අතර වර්ෂාවක් ලැබී ඇති බවත් සඳහන් වේ.

එම වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ලෙස ඉහළ ගියද, ගංවතුර අවදානමක් දක්වා එය ළඟා වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments