Sunday, December 21, 2025
Homeදේශීයමහනුවර හා නුවරඑළියට නායයාමේ රතු නිවේදන දිගු කෙරේ

මහනුවර හා නුවරඑළියට නායයාමේ රතු නිවේදන දිගු කෙරේ

අධික වර්ෂාව හේතුවෙන් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට අදියර 3 යටතේ නායයාමේ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩුදුම්බර, මිණිපේ, මැදදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, නිල්දණ්ඩාහින්න, හඟුරන්කෙත, වලපනේ යන ප්‍රදේශවලට මෙම නිවේදන බලපායි.

ඒ අතර දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35කට අදියර 2 යටතේ විමසිලිමත්ව සිටින ලෙසද උපදෙස් නිකුත් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments