රුසියාවේ මධ්‍ය හා දිගු කාලීන ආරක්ෂක කොන්දේසි සපුරන්නේ නම්, සහයෝගී ආකාරයෙන් යුක්‍රේන යුද ගැටුම අවසන් කිරීමට රුසියාව සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව සඳහන් කළේ රුසියානු ජනාධිපතිවරයා විසින් වාර්ෂිකව දෙස්-විදෙස් මාධ්‍යවේදීන් සමඟ පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එම සාකච්ඡාව මෙවරත් මොස්කව් නගරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති පුටින් පැවසුවේ, රුසියාව කිසිදු නිල ලියවිල්ලක සතුරෙකු හෝ ඉලක්කයක් ලෙස නම් කර නොමැති බවයි. නමුත් නේටෝ සංවිධානය රුසියාවට එරෙහිව යුද්ධයකට සූදානම් වන ආකාරයක් දැක්නට ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
“රුසියාව සමඟ යුද්ධයට නේටෝව ඉලක්ක කරන්නේ ඇයි? අපි ඔබ සමඟ සටන් කරන්නේ නැහැ. යුක්‍රේන සොල්දාදුවන් යොදාගෙන ඔබයි අප සමඟ යුද්ධ කරන්නේ,” යනුවෙන් ජනාධිපති පුටින් සඳහන් කළේය.
තවද, රුසියාවේ ආරක්ෂක අවශ්‍යතා සම්පූර්ණ වන ආකාරයෙන් විසඳුමකට පැමිණිය හැකි නම්, යුක්‍රේන යුද ගැටුම අවසන් කිරීමටත්, අදාළ පාර්ශව සමඟ එක්ව කටයුතු කිරීමටත් රුසියාව සූදානම් බවද ඔහු අවධාරණය කළේය.

