දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව යළිත් වරක් ණය ප්‍රතිව්‍යුහගතකරණයට යාම උචිත නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. ඔහු කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා සංකීර්ණ සහ කාලය හා සම්පත් බොහෝ දුරට වැය වන ක්‍රියාවලියක් වන අතර, එය නැවත ආරම්භ කිරීමෙන් රට තවත් ආර්ථික අර්බුදයකට ගමන් කිරීමේ අවදානමක් පවතින බවයි.
එමෙන්ම ණය ගෙවීම් නැවත කල්දැමීම හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළට ප්‍රවේශ වීමේ අවස්ථා අහිමි විය හැකි බවත්, පසුව වැඩි පොලී සමග විශාල ණය බරක් දැරීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළේය. රට දැනට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ණය හිමිකරුවන් සමඟ ඇති කරගත් එකඟතා අනුව ඉදිරියට ගමන් කිරීම වඩාත් සුදුසු බවද මහාචාර්යවරයා පැවසීය.
මෙම අදහස් පළවන්නේ, දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ බාහිර ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවන ලෙස නොබෙල් ත්‍යාගලාභී ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු ලොව ප්රමුඛ ආර්ථික විශේෂඥයින් 121 දෙනෙකු ඉල්ලීමක් කර ඇති පසුබිමකදීය. එම විශේෂඥයින් පෙන්වා දී ඇත්තේ හදිසි අවශ්‍යතා හේතුවෙන් ශ්‍රී ලංකාවට තවත් ණය ලබා ගැනීමට සිදුවිය හැකි බවත්, ඒ සඳහා නව ණය ප්‍රතිව්‍යුහගතකරණයක් අවශ්‍ය බවත්ය.

