Wednesday, March 4, 2026
Homeවිදේශීයමොස්කව්හි පිපිරීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

මොස්කව්හි පිපිරීමකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

රුසියාවේ මොස්කව් නගරයේ සිදුවූ පිපිරීමක් හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කරයි.

යෙලෙට්ස්කායා වීදියේ නවතා තිබූ පොලිස් වාහනයක් අසළ සැක සහිත පුද්ගලයෙකු දුටු රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහු අත්අඩංගුවට ගැනීමට ළඟා වූ අවස්ථාවේදී, එම පුද්ගලයා සන්තකයේ තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පුපුරුවා හැර ඇති බව රුසියානු විමර්ශන කමිටුව සඳහන් කරයි.

එම සිදුවීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා සහ ඒ අසල සිටි තවත් පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

මෙයට පෙර ඉකුත් සඳුදාද මොස්කව් නගරයේ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් සිදුවී ජ්‍යෙෂ්ඨ රුසියානු ජෙනරාල්වරයෙකු මියගොස් තිබූ අතර, එම ස්ථානයට ආසන්නයේ මෙම නව පිපිරීම සිදුව ඇති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත්, මෙම සිදුවීම් දෙක අතර සම්බන්ධයක් පවතිනවාද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.

RELATED ARTICLES

Most Popular

Recent Comments