Tuesday, January 27, 2026
Homeදේශීයමහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ බිය පැතිරූ ඊ-මේල් පණිවිඩය ගැන විශේෂ විමර්ශන

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ බිය පැතිරූ ඊ-මේල් පණිවිඩය ගැන විශේෂ විමර්ශන

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය සඟවා ඇති බවට ලැබුණු ඊ-මේල් තොරතුර යම්කිසි මහජන කැලඹීමක් ඇතිකිරීමට ගත් උත්සාහයක් බවට පොලීසිය සැක පළ කරයි.

අද (27) නිකුත් කළ නිවේදනයකින් පොලීසිය සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇති බව සඳහන් කරමින් එම කාර්යාලයේ ඊ-මේල් ලිපිනයට ඊයේ (26) පණිවිඩයක් ලැබී තිබුණි.

ඒ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දැනුම් දීමෙන් අනතුරුව, මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී.

මෙම සෝදිසි මෙහෙයුම් කටයුතු 2025.12.26 වන දින උදෑසන සිට සවස් කාලය දක්වා සිදු කළ අතර, එහිදී කිසිදු සැකකටයුතු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව පොලීසිය පවසයි.

ඒ අනුව මෙම ඊ-මේල් පණිවිඩය මහජන අතර බිය සහ කැලඹීමක් ඇති කිරීමට ගත් උත්සාහයක් විය හැකි බවට සැක කරන අතර, එය යොමු කළ පුද්ගලයා හඳුනා ගැනීම සඳහා පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments