සීදුව ප්‍රදේශයේ පිහිටි සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බවට සැකපිට පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් හය දෙනෙකු සමඟ පෙට්‍රල් බෝම්බ හයක් ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අත්අඩංගුවට පත් පිරිස අතර අදාළ සමාජ ශාලාවේ කළමනාකරු, ව්‍යාපාරිකයෙකු, ත්‍රිරෝද රථ රියදුරන් තිදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු ඇතුළත් බව සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

