මෙම මාසය තුළ ලිට්රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ලිට්රෝ ගෑස් සමාගම දැනුම් දෙයි. ලෝක වෙළෙඳපොළේ තත්ත්වය අනුව මිල වැඩි කිරීම අවශ්‍ය වුවද, රට තුළ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර මිල සංශෝධනයක් සිදු නොකරන බව සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ඒ අනුව ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 3,690ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රු. 1,482ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රු. 694ක් ලෙසත් පවති.
මේ අතර ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 150කින් ඉහළ දමා නව මිල රු. 4,250ක් කර ඇති අතර, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රු. 65කින් ඉහළ දමා නව මිල රු. 1,710ක් ලෙස නියම කර ඇත.
මෙහිදී මාසික ඉන්ධන මිල සංශෝධනය මෙම සතිය තුළ සිදු වීමට නියමිත බවද වාර්තා වේ.

