Thursday, January 15, 2026
Homeආගමිකතෛපොංගල් දිනය අදයි.

තෛපොංගල් දිනය අදයි.

හින්දු බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික උත්සවයක් වන තෛපොංගල් උත්සවය අද (15) දිනයට යෙදී තිබේ.

ලොව පුරා වෙසෙන හින්දු බැතිමතුන් මෙන්ම මෙරට හින්දු භක්තිකයින්ද මෙම උත්සවය මහත් හරසරින් සමරති. සශ්‍රීකත්වය සහ සමෘද්ධිය ලබාදීම වෙනුවෙන් හිරු දෙවිදුන්ට කෘතවේදිත්වය පළ කිරීම තෛපොංගල් උත්සවයේ මූලික අර්ථය වේ.

මෙම උත්සවයේදී හිරු දෙවියන්ට පළමු අස්වැන්න පූජා කිරීම සිදුකරන අතර, කෘෂිකර්මාන්තයට දායක වන සතුන්ට ගෞරව දැක්වීමද සම්ප්‍රදායක චාරිත්‍රයකි.

කිරි උතුරුවා යාම සංකේත කරමින් සියලු දෙනාට සෞභාග්‍යය උදාවේවායි ප්‍රාර්ථනා කිරීම තෛපොංගල් උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක් වන අතර, මෙම දිනය හින්දු භක්තිකයින්ගේ නව වසරේ ආරම්භය ලෙසද සැලකේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments