Homeදේශීයදියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්.

දියේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්.

බෙම්මුල්ල ඇල්ලේඔය, මීගහමුල්ල නාන තොටුපලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ.

මෙලෙස අතුරුදන් ව ඇත්තේ වයස අවුරුදු 54ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඊයේ (18) සිය බිරිඳ සමඟ ඥාති නිවසකට ගොස් සිටියදී නාන තොටුපලේ දිය නාමින් සිටියදී අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා බෙම්මුල්ල පොලිසිය විසින් නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ගෙන්වා සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments