මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා 11 වන බලඇණියේ සාමාජිකයින් 110 දෙනෙකු අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
මෙම බලඇණියේ අණදෙන්නා ලෙස ගෘෘප් කැප්ටන් ආසිරි පතිරගේ මහතා කටයුතු කරන අතර, කාන්තා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් කාන්තාවන් පස් දෙනෙකු ද එයට ඇතුළත් වේ.
එමෙන්ම සාම සාධක රාජකාරීන් සාර්ථකව නිම කළ 10 වන බලඇණියේ ගුවන් හමුදා සාමාජිකයින් 94 දෙනෙකු අද දිවයිනට ආපසු පැමිණ ඇත.

