Friday, January 23, 2026
Homeweatherනුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 දක්වා පහළ යයි.

නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 දක්වා පහළ යයි.

අද (22) දිනයේදී මෙරටින් වාර්තා වූ අවම උෂ්ණත්වය නුවරඑළිය ප්‍රදේශයෙන් සටහන් වී ඇති අතර, එය සෙල්සියස් අංශක 3.5ක් බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

අද අලුයම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ප්‍රාදේශීය දත්ත මධ්‍යස්ථානවලින් ලැබුණු වාර්තා අනුව මෙම උෂ්ණත්වය සටහන් වූ අතර, මෙය මෑත කාලය තුළ වාර්තා වූ අඩුම උෂ්ණත්වය ලෙසද සඳහන් වේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11.5ක් ලෙසත්, බදුල්ලේ 15.1ක් ලෙසත්, කටුගස්තොට ප්‍රදේශයේ 15.9ක් ලෙසත් වාර්තා වී ඇත.

ඒ අනුව, අද දිනයේ වාර්තා වූ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 25.3ක් ලෙස මුලතිව් ප්‍රදේශයෙන් සටහන් වී ඇති අතර, හම්බන්තොට ප්‍රදේශයේ සෙල්සියස් අංශක 22ක් සහ කොළඹ ප්‍රදේශයේ 22.1ක් ලෙස උෂ්ණත්වය වාර්තා වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments