ලංකා සම සමාජ පක්ෂයේ නායක හා හිටපු අමාත්‍ය තිස්ස විතාරණ මහතාගේ අවසන් කටයුතු අද (16) පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
ඉකුත් පෙබරවාරි 13 වැනිදා අභාවප්‍රාප්ත වූ ඒ මහතා අභාවය වන විට 92 වැනි වියේ පසුවිය.
අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ තැන්පත් කර තිබූ අතර ආගමික නායකයින්, දේශපාලනඥයින් ඇතුළු විශාල පිරිසක් පැමිණ අවසන් ගෞරව දැක්වීය.

