ගම්පොල–නාවලපිටිය මාර්ගයේ නාගොල්ල ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 3 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.
ඊයේ (20) දහවල් සිදුවූ මෙම අනතුර මෝටර් රථයක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් සිදුවී ඇත.
අනතුරින් යතුරුපැදිකාරිය සහ දරු දෙදෙනා තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී 3 හැවිරිදි දැරිය මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ශ්රී ලංකා පොලීසිය යටතේ ඇත්ගාල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

