මෙම ව්යාපෘතිය අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්රදේශයේ පිහිටි හිටපු ජනාධිපති ආර්. ප්රේමදාස මහතාට අයත් වතු පරිශ්රයක ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.කාවන්තිස්ස හස්තියා නායකත්වය දැරූ කහල්ල-පල්ලෙකැලේ අලි රංචුව නිතර ගැවසෙන ප්රදේශයට මෙම භූමිය ආසන්නව පිහිටා තිබීම විශේෂත්වයකි.යෝජිත මධ්යස්ථානය තුළ හස්තියාගේ ජීවමාන ප්රතිමාවක් මෙන්ම පර්යේෂණ හා පුස්තකාල පහසුකම් ද ස්ථාපිත කිරීමට නියමිතය.වනඅලි සහ ඇතුන් සම්බන්ධ පර්යේෂණ ප්රවර්ධනය කිරීම, අලි-මිනිස් ගැටුම අවම කිරීම සහ අනාගත පරපුර වෙනුවෙන් වනඅලි සම්පත ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු වේ.සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් ක්රියාත්මක වන ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’ මගින් මෙම ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.මෙම ජාතික හා පාරිසරික වැඩසටහන සඳහා සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂනායකවරයා පරිසර හිතකාමී ජනතාවගෙන් සහ අදාළ පාර්ශවකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ

