පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 325ක් රැස් කළේය.ඒ අනුව ශූරතාව දිනාගැනීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ලකුණු 326ක ඉලක්කයක් හිමිව තිබේ.ලාහෝර්හි ගඩාෆි ක්රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක ෂහීන් අෆ්රිඩි පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකාවට ආරාධනා කළේය.ශ්රී ලංකා ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් පළමු කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් ගොඩනැගූහ. ලකුණු 38ක් ලබා සිටි අවිශ්ක දැවීයාමත් සමඟ එම සබඳතාව බිඳවැටුණු අතර, අනතුරුව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට හැකි නොවීය.ඒ අනුව ශ්රී ලංකා ලකුණු පුවරුව 109ක් වන විට කඩුලු දෙකක් දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. කෙසේ වෙතත්, කමිඳු මෙන්ඩිස් සහ පවන් රත්නායකගේ අගනා පිතිහරඹය හමුවේ තරගයේ පාලනය යළි ශ්රී ලංකාව සතු විය.ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 119කදී ලකුණු 146ක සබඳතාවක් ගොඩනැගූ අතර, එහිදී කමිඳු මෙන්ඩිස් සිය මංගල එක්දින ජාත්යන්තර ශතකය වාර්තා කිරීමටද සමත් විය.ශ්රී ලංකා ලකුණු පුවරුව 255ක්ව තිබියදී ලකුණු 131ක් ලබා සිටි කමිඳු දැවීගියේය. ඉන් අනතුරුව ශ්රී ලංකා ඉනිම ඉහළ ලකුණු සංඛ්යාවක් කරා රැගෙන යාමේ වගකීම පවන් ඇතුළු සෙසු පිතිකරුවන්ට පැවරුණි.දසුන් ශානක වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 9කදී ලකුණු 17ක් රැස් කළද, වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඔහුට හැකි වූයේ නැත.අනතුරුව මෙවර තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වූ පවන් රත්නායකද ලකුණු 77කට දවාගැනීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. ඒ සමඟ ලකුණු 350 සීමාව ඉක්මවා යාමට තිබූ ශ්රී ලංකා අවස්ථාව සීමා කිරීමට පාකිස්තානයට හැකි විය.පාකිස්තානය වෙනුවෙන් ෂහීන් අෆ්රිඩි, නසීම් ෂා, සල්මාන් අගා සහ හාරිස් රවුෆ් කඩුලු 2 බැගින් දවාගත්හ. ඔවුන්ගේ පන්දු යැවීමේ දක්ෂතා පිළිවෙළින් ලකුණු 50කට කඩුලු 2ක්, ලකුණු 80කට කඩුලු 2ක්, ලකුණු 44කට කඩුලු 2ක් සහ ලකුණු 60කට කඩුලු 2ක් ලෙස සටහන් විය.

