ඕනෑම සතුරු තර්ජනයකට ක්ෂණිකව ප්රතිචාර දැක්වීමට සහ භූගෝලීය සීමාවන් නොසලකා ක්රියාත්මක වීමට සූදානමින් සිටින ලෙස ඉරාන උත්තරීතර නායක අයතොල්ලා මොජ්තාබා කමේනි එරට සන්නද්ධ හමුදාවල ජ්යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.ඉරාන රාජ්ය පුවත් සේවය වන IRNA වාර්තා කර ඇත්තේ හමුදා ප්රධානීන් සහ උසස් අණදෙන නිලධාරීන් සමඟ පැවති විශේෂ හමුවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි.එහිදී රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා උපරිම සූදානමකින් පසුවීමේ වැදගත්කමද උත්තරීතර නායකයා අවධාරණය කර ඇත.තවද ඉරානයට එරෙහිව යළිත් හමුදාමය හෝ ත්රස්තවාදී ප්රහාරයක් එල්ල වුවහොත්, එම ගැටුමේ අවසානය සහ කොන්දේසි තීරණය කරනු ලබන්නේ ඉරාන සන්නද්ධ හමුදාවන් සහ ජනතාව විසින් බවද මොජ්තාබා කමේනි ප්රකාශ කර තිබේ.

