Homeසියලුම පුවත්උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.අද (31) පස්වරු 4.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (01) දිනය දක්වා බලපැවැත්වෙන බව සඳහන් වේ.ඒ අනුව උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම ඉහළ යා හැකි බවට අනතුරු අඟවා ඇත.එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙවත් උණුසුම් දර්ශකය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments