Monday, March 9, 2026
Homeදේශීයහංවැල්ල – කොළඹ බස් වර්ජනයක්

හංවැල්ල – කොළඹ බස් වර්ජනයක්

හංවැල්ල සිට කොළඹ දක්වා ධාවනය වන මාර්ග අංක 143 පෞද්ගලික බස් රථ සේවකයින් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කඩුවෙල – කොළඹ බස් රථ සේවකයින් සමග මගීන් නංවා ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය පිළිබඳ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පැවසුවේ ගැටලුවට සම්බන්ධ පාර්ශව අද සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බවයි.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව එහි සභාපති ගාමිණී ජයසිංහ මහතා සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments