උත්සව සමයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
හිඟවන ධාන්‍ය වර්ග සඳහා බදු සහිතව ආනයනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම නෞකා ගමනාගමනයට පවතින බාධාවන් හේතුවෙන් ඉදිරියේ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳවද අවධානය යොමු කර ඇති බව ඔහු පැවසීය.
පවතින තත්ත්වය හමුවේ අපනයන කටයුතු සඳහා ද යම් බාධා මතුවිය හැකි බවද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

