කොළඹ 9 සහ 14 ප්‍රදේශවලත්, ගම්පහ දිස්ත්‍රික්කයේ තැන් කිහිපයකත් විදුලි සැපයුම බිඳවැටී ඇති බව වාර්තා වෙයි.
විදුලි වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් එම බිඳවැටීම් යථා තත්ත්වයට පත් කිරීමට යම් කාලයක් ගතවිය හැකි බවද සඳහන් වේ.
Ceylon Electricity Board ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ස්ථාපිත කරන නව ආයතන වෙත සේවකයින් අනුයෝජනය කිරීමේදී නිසි පත්වීම් ලිපි ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.
ලංකා විදුලි වෘත්තීය සංගම් සඳහන් කළේ ඊයේ (09) සවස 3.00ට ආරම්භ වූ මෙම වර්ජනය පැය 24ක කාලයක් පුරා ක්‍රියාත්මක වන බවයි.
තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කරන බව කාර්මික ශිල්පීන්ගේ සංගමය පවසයි.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය අහෝසි කර නව සමාගම් යටතට පත් කිරීමෙන් සේවකයින්ගේ අයිතිවාසිකම් හෝ වරප්රසාදවල කිසිදු ගැටලුවක් ඇති නොවන බව පරිවර්තන කාර්ය සාධක බළකාය සඳහන් කරයි.
විදුලි වෘත්තීය සමිති වර්ජනය මධ්‍යයේ කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටේ

