Tuesday, March 10, 2026
Homeසියලුම පුවත්කැබිනට් තීරණ මෙන්න

කැබිනට් තීරණ මෙන්න

ඊයේ (09) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ කිහිපයක් මෙසේය.
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධ කර ගැනීම.
රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට විසා නිදහස ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ගිවිසුමකට එළඹීම.
විද්‍යාත්මක පදනමක් මත ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා උපාය මාර්ගික රාමුවක් ක්‍රියාත්මක කිරීම.
2026 – 2028 කාලය සඳහා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ කටයුතු ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම.
ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.
බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට නව දිස්ත්‍රික් ලේකම් / දිසාපතිවරයෙකු පත් කිරීම.
අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයට නව දිස්ත්‍රික් ලේකම් / දිසාපතිවරයෙකු පත් කිරීම.
නායයෑම් අවදානම හේතුවෙන් නැවත පදිංචි කරන පවුල් සඳහා නිවසක් ඉදිකිරීමට ලබාදෙන මුදල සංශෝධනය කිරීම.
මැදපෙරදිග හරහා ගුවන් ගමන් අවලංගු වීමෙන් බලපෑමට ලක් වූ විදේශිකයන්ට ගාස්තු රහිතව විසා කාලය දිගු කිරීම.
ආපදා හේතුවෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වගාවන් නැවත ආරම්භ කිරීමට සහන ලබාදීම.
ශ්‍රී ලංකා රේගුව සඳහා Oracle Exadata XIIM පද්ධතිය සහ මෘදුකාංග බලපත්‍ර සැපයීම සහ ස්ථාපනය කිරීම.
ආර්ථික තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා Economic Surveillance Committee එකක් ස්ථාපිත කිරීම.

RELATED ARTICLES

Most Popular

Recent Comments