මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදෙස් ජාතිකයින්ගේ වීසා කාලය දින 14කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
පසුගිය 28 වැනිදා සිට මැදපෙරදිග බලා ගුවන් ගමන් කිහිපයක් අවලංගු වීම හේතුවෙන් මෙරටින් පිටත්ව යාමට නියමිතව සිටි විදේශිකයින්ට තම වීසා වලංගු කාලය අවසන් වුවද රටින් පිටත්ව යාමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, එවැනි මගීන්ට විකල්ප ගමන් සැලසුම් සකස් කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා, ගාස්තුවකින් තොරව දින 14ක් සඳහා වීසා දීර්ඝ කිරීමට තීරණය කර ඇත.
තවද, ගුවන් ගමන් අවලංගු වීම තවදුරටත් පවතින්නේ නම්, එම වීසා කාලය තවත් දින 14කින් ගාස්තු රහිතව දීර්ඝ කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මැදපෙරදිග යුද තත්ත්වය මධ්‍යයේ මෙරට රැඳී සිටින විදේශිකයින්ගේ වීසා ගැන තීරණයක්

