පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද (10) රාත්‍රියේ ගලහ මංසන්ධිය අසල පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.
අද දෙරණ වාර්තාකරු පැවසුවේ සිසුන් පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් එහි උද්ඝෝෂණයක නිරත වූ බවයි.
උද්ඝෝෂණය පැවැති අවස්ථාවේ නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් තාවකාලිකව වසා දැමීමට පොලීසිය පියවර ගත් අතර එම හේතුවෙන් වාහන තදබදයක් ද ඇතිව තිබුණා.
ශිෂ්‍ය නායකයින් සඳහන් කළේ වත්මන් පාලකයින් විශ්වවිද්‍යාල පද්ධතිය “මොන්ටිසෝරි”යක් ලෙස සැලකමින් නීති හා චක්‍රලේඛ නිකුත් කරමින් ශිෂ්‍ය නිදහස සීමා කිරීමට උත්සාහ කරන බවයි.
එමෙන්ම ශිෂ්‍ය එකමුතුව හා නැගිටීම වැළැක්වීම සඳහා මෙවැනි චක්‍රලේඛ මගින් ශිෂ්‍ය මර්ධනයක් සිදුකරන බවටද ඔවුන් චෝදනා කළහ.
පේරාදෙණිය සිසුන්ගෙන් ගලහ මංසන්ධියේ පන්දම් විරෝධතාවයක්

