Tuesday, March 10, 2026
Homeසියලුම පුවත්නාවික හමුදාව භාරයට ගත් බහුදින යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය කිලෝ 600කට වැඩි ප්‍රමාණයක්

නාවික හමුදාව භාරයට ගත් බහුදින යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය කිලෝ 600කට වැඩි ප්‍රමාණයක්

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකය මත නාවික හමුදාව භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් තුළ තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 600කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
එම යාත්‍රාව ඉදිරි දින දෙක ඇතුළත ගොඩබිමට රැගෙන ඒමට නියමිත අතර, එහි තිබූ සැලකිය යුතු ආයුධ ප්‍රමාණයක්ද ආරක්ෂක අංශ විසින් භාරයට ගෙන තිබෙන බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවට දකුණු දිශාවේ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව සිදු කළ විශේෂ මෙහෙයුමකින් මෙම බහුදින ධීවර යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අතර පසුගිය 07 වන දිනද දකුණු මුහුදු තීරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය රැගත් තවත් ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහි තිබූ හෙරොයින් පැකට් 102ක් සහ කොකේන් ග්‍රෑම් 900ක්ද සොයාගෙන තිබේ.
එම යාත්‍රාව දික්ඕවිට වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් හයදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ සමඟ සම්බන්ධ වූ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය බිඳ දැමීමට ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කටයුතු කරමින් සිටින බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments