Wednesday, March 11, 2026
Homeආර්ථිකබොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වනවිට පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද උදෑසන වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 87.88ක් පමණ ලෙස සටහන් වී ඇති අතර, ඇමෙරිකානු බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.35ක් පමණ ලෙස වාර්තා වී ඇත.
පසුගිය දිනවල මැදපෙරදිග යුද උණුසුම හේතුවෙන් තෙල් මිල වේගයෙන් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 100 සීමාව පවා ඉක්මවා ගිය අතර උපරිම ලෙස ඩොලර් 119ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
කෙසේවෙතත්, යුද්ධය ඉක්මනින් අවසන් විය හැකි බවට සිදු වූ ප්‍රකාශයන් හේතුවෙන් වෙළෙඳපොළ තුළ පීඩනය අඩුවී බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 90ට ආසන්න මට්ටමකට පහළ වැටී ඇති බව සඳහන් .ඒ අනුව, පසුගිය දින කිහිපයේ දැඩි අස්ථාවරතාවයකින් පසු අද ආසියානු වෙළෙඳපොළ ආරම්භ වනවිට තෙල් මිල සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments