Wednesday, March 11, 2026
Homeසියලුම පුවත්හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉරාන නෞකා රැසකට අමෙරිකානු ප්‍රහාර

හෝමූස් සමුද්‍ර සන්ධිය අසල ඉරාන නෞකා රැසකට අමෙරිකානු ප්‍රහාර

United States Central Command පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 16ක් ඇතුළු යාත්‍රා කිහිපයක් විනාශ කළ බවයි.
එම ප්‍රහාරයට අදාළ දර්ශන United States Central Command විසින් X සමාජ මාධ්‍යයට ද නිකුත් කර ඇත.
ලෝකයේ තෙල් සැපයුමේ විශාල කොටසක් ප්‍රවාහනය කෙරෙන වැදගත් බලශක්ති මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ ඉරානය යුද නෞකා ස්ථානගත කර ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරු අනුව මෙම ප්‍රහාරය සිදුකර ඇති බව වාර්තා වේ.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය Truth Social ගිණුම ඔස්සේ සඳහන් කර ඇත්තේ, හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන යුද නෞකා තිබේ නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments