Saturday, March 14, 2026
Homeසියලුම පුවත්උණුසුම් කාලගුණය මැයි අග දක්වා

උණුසුම් කාලගුණය මැයි අග දක්වා

දැනට දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය එළැඹෙන මැයි 25 වනදා දක්වා පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇත.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් ක්‍රීඩකයන්ට වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇත්තේ දැඩි අව් රශ්මිය මැද ක්‍රීඩා කටයුතු සිදු නොකරන ලෙසයි.
මෙරටට බලපා ඇති අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල උෂ්ණාධික කාලගුණයක් පවතින බව ද සඳහන් වේ.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලට අමතරව මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමකට ඉහළ ගොස් තිබේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, උණුසුම් දර්ශකය අනුව එම අගය 45ට වඩා ඉහළව ඇති අතර එය “වැඩි අවධානයක් යොමු කළ යුතු” මට්ටමක් ලෙස සැලකෙන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments