QR කේතය භාවිතා කරමින් ඉන්ධන ලබා ගැනීම සඳහා හඳුන්වා දී ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට මේ වනවිටත් පියවර ගනිමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මීට පෙර QR කේතය ලබාගෙන එම වාහනය සහ එම දුරකථන අංකයම භාවිතා කරන පුද්ගලයන්ට කිසිදු අපහසුවකින් තොරව නව QR කේතය යාවත්කාලීන කරගත හැකි බවයි.
එසේම වාහනය හෝ දුරකථන අංකය වෙනස් කර ඇති පුද්ගලයන්ටත්, අලුතින් වාහන මිලදී ගත් අයටත් ඇතිවන ගැටලු හඳුනාගෙන ඒවා හැකි ඉක්මනින් විසඳීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තවද අත්‍යවශ්‍ය සේවාවන් සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ඇති විශේෂ ගැටලු පිළිබඳවද අද (15) දිනම තීරණ ගෙන ඒවාට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව එම නිවේදනයේ දැක්වේ. 📰
QR කේතය සම්බන්ධ ගැටලු කඩිනමින් විසඳීමට පියවර

