Friday, March 20, 2026
Homeසියලුම පුවත්විදුලි බිල ඉහළ යයිද? – ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

විදුලි බිල ඉහළ යයිද? – ඇමති නලින්දගෙන් පැහැදිලි කිරීමක්

රජයේ ප්‍රධාන අරමුණ අඛණ්ඩව විදුලිය සැපයීම බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (20) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ගල්අඟුරු මිලදී ගැනීමේ වියදම් ද වැඩිවී ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍ය කාලවලට වඩා වෙනස් මිල ගණන් යටතේ සම්පාදන සිදුකිරීමට සිදුවන බවත්, එය සැලකිල්ලට ගනිමින් ඉදිරි තීරණ ගැනීමට සිදුවන බවත් අමාත්‍යවරයා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
“අපේ ප්‍රධාන ඉලක්කය අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමයි. විදුලි පරිභෝජනය මාස අනුව වෙනස් වෙනවා. ගල්අඟුරු ප්‍රමිතිය සම්බන්ධයෙන්ත් විමර්ශන කටයුතු සිදු වෙනවා. ලෝක වෙළඳපොළේ මිල ඉහළ යාමත් සමඟ, තෙල් මිල හෝ විදුලි බිල සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී මේ සියල්ල සලකා බලන්න වෙයි,” යනුවෙනි.

RELATED ARTICLES

Most Popular

Recent Comments