සයිනොපෙක් පෙට්රල් මිල සංශෝධනය කරයි – ලීටරයක මිල රු. 20කින් ඉහළටසයිනොපෙක් සමාගම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා තිබේ.මෙම මිල සංශෝධනය සිදුකර ඇත්තේ ලංකා IOC සමාගම විසින් ද ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දැමීමෙන් අනතුරුවය.ලංකා IOC සමාගම ඔක්තෝබර් 25 වැනිදා මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්රල් මිල සංශෝධනය කර තිබුණි.ඒ අනුව, සයිනොපෙක් ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙම මිල වෙනස්වීමත් සමඟ ඔක්ටේන් 95 පෙට්රල් භාවිත කරන රථවාහන හිමිකරුවන්ට ඉන්ධන සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවනු ඇත.

