එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම ඉතිහාසයේ පළමු වරට ඩොලර් මිලියන 1,691ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 17.2ක වර්ධනයක් බව ද ඔහු පැවසීය.කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින අර්බුද හේතුවෙන් ප්රවාහන හා රක්ෂණ ගාස්තු ඉහළ යාම ඇතුළු අභියෝගවලට අපනයනකරුවන් මුහුණ දී සිටින බව ද සඳහන් වේ.මෙම තත්ත්වයන් මධ්යයේ වුවද, 2026 වසරේදී ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් පෙන්වා දෙයි.

