Homeසියලුම පුවත්ඉදිරි පැය 12ට කාලගුණයෙන් රතු නිවේදනයක් – ධීවර හා නාවික කටයුතුවලින් වළකින්න

ඉදිරි පැය 12ට කාලගුණයෙන් රතු නිවේදනයක් – ධීවර හා නාවික කටයුතුවලින් වළකින්න

අද (27) පෙරවරු 8ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 12ක කාලය සඳහා බලපැවැත්වෙන බව සඳහන් වේ.
බෙංගාල බොක්කේ පැවති ‘ඔර්නබ්’ ප්‍රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්ව ඇති අතර, එය කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණ වාර්තාවේ දැක්වේ.
අදාළ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ත් 140ත් අතර අගයකට ඉහළ යා හැකි අතර, මීටර් 3ත් 4ත් අතර උසකින් යුත් රළ ඇතිවීමේ අවදානමක් ද පවතී.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, එම ප්‍රදේශවල සිටින පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments